Monday, February 09, 2026
Follow Us
පිස්තෝලේ අරන් හිරේ ගිය ඇමැති හිරකරන කතාවක්

UN එකේ රට හිරකිරීම ගැන ලොහාන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීමක්


අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කවුරු හෝ සිදු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම නතර කිරීම සුදුසු බව පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කතා කරන වෙලාවක මෙවැනි සිදුවීම්​ වෙලා තිබෙනවා නම් එය සුදුසු දෙයක් නොවෙයි. මේ සිද්ධිය පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා තීන්දුවක් ගනීවි. මෙවැනි දෑ කිරීම මහජන නියෝජිතයකුට උචිත කාර්යයක් නොවෙයි යැයිද ඔහු කීවේය

(Aruna)