Monday, February 09, 2026
Follow Us
සිර මැදිරියට විදුලි පංකාවක් ඉල්ලා රිෂාඩ්ගෙන් ලිපියක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වනවා.

ඔහු රදවා සිටින්නේ එම බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියකයි. එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

කෙසේවෙතත් ඔහුට විදුලි පංකාවක් ලබා දෙන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර නැහැ. එමෙන්ම බන්ධනාගාරය තුළ විනය විරෝධී ක්‍රියාවන්වල නිරතව වු රැඳවියන්ට කිසිදු පහසුකමක් ඉල්ලීමට අවස්ථාව හිමි වන්නේ ද නැහැ. මේ හේතුවෙන් ඔහුට විදුලි පංකාවක් ලබා නොදෙනු ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මැගසින් බන්ධනාගාරයේදී වෛද්‍යවරයකුගේ රාජකාරියට බාධා කිරීම සහ රඳවා සිටින සිර මැදිරිය තුළ ජංගම දුරකතනයක් භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා චෝදනාවට ලක්ව සිටිනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමට ද නියමිතයි.

(Neth)