Monday, February 09, 2026
Follow Us
මහ බැංකු අධිපති වෙන්න, කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වෙයි

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.

(Neth)