Tuesday, February 10, 2026
Follow Us
අගමැති දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන පුවතේ ඇත්ත නැත්ත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය ආසාදනය වී දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

බී. බී .සී පුවත් සේවාව වාර්තා කර ඇති ආකාරයට වෙනත් පුද්ගලයෙකු රෝහලක ප්‍රතිකාර ලබන ඡායාරූපද ඇතුලත් කරමිනුයි එම ව්‍යාජ පුවත පළ කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා මේ වන විට වෙනත් උත්සවයකට සහභාගිවී සිටින බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

(Neth)