Tuesday, February 10, 2026
Follow Us
ජනාධිපතිගේ හදිසි නීති රෙගුලාසිවලට විරුද්ධවීමට සමගි ජනබලවේගය සැරසෙයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැගවීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීමට අදාළව විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වාරය සඳහා අද දිනය වෙන් කර තිබුණද, හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයට අවස්ථාව ලබාදීම සඳහා එය හදිසියේම අවලංගු කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

අද පැවැත්වෙන හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි සමගි ජනබලවේගය සඳහන් කළේ.

(Neth)