Tuesday, February 10, 2026
Follow Us
බදුර්දීන් - හිජාස් හිස්බුල්ලා යළි රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරයා සැප්තැම්බර් 07 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා 07 වැනිදා නඩුව යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

මේ අතර පාස්කු විමර්ශනවලට අදාලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු සැකකරුවන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

(LNW)