Tuesday, February 10, 2026
Follow Us
සැප වාහන, ඉන්ධන ඇතුළු පහසුකම් සමග මන්ත්‍රීවරු 58 කට අධීක්ෂණ තනතුරු

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනමා තිබෙනවා. රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා එම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය මෙම මන්ත්‍රීවරුන්ට පැවරේ.

මෙම මන්ත්‍රීවරුන් සඳහා පත්වීම් ලිපි ලබන සතියේදී මුදල් අමාත්‍යංශය හරහා නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රජයේ වාහන, ඉන්ධන පහසුකම් ඇතුළු දීමනාද හිමිවන බවයි වාර්තා වන්නේ.

(LNW)