Tuesday, February 10, 2026
Follow Us
එස් බී කොවිඩ් මාරයාට අභියෝග කරයි

කොවිඩ් වසංගය යනු බිය වියයුතු මට්ටමේ මාරාන්තික රෝගයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් බව මන්ත්‍රීවරයා අද(26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

“අද මේ දැන්වෙන කොටත් ලංකාවේ මරණ අනුපාතිකය 1.9යි.කොරෝනා පිළිබඳ මහා මරණ බයක් මේ මිනිස්සුන්ගේ සිත් තුළ ඇති කරන්න හොඳ නෑ.මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් වෙනවා.එම නිසා මේක බය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි.මේ කොරෝනා අසනීපය හැදෙන 81%ක් එයාලගේ ඇඟට පතටත් නොදැනී හොඳ වෙලා ගෙදර යනවා.සමහර අය දන්නෙත් නෑ හැඳිලා හොඳ වෙනවා.14%ක් යන්තම් පොඩි හෙම්බිරිසාවක් වගේ එකක් හැඳිලා පූංචි උණක් ගැනිලා හොඳවෙලා යනවා”

(Aruna)