Tuesday, February 10, 2026
Follow Us
මහා සීනි ජාවාරම වගේම කෘමිනාශක ජාවාරමකට තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ - නලීන්

සීනි ජාවාරම හා සමානම කෘමිනාශක ජාවාරමකට රජය සූදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

"කෘමිනාශක සහ දිලීරනාශක වර්ග තියෙනවා 114ක් විතර. මේකෙන් 35ක් නැවත ආනයනය කරන්න කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තියෙනවා.

100%ක් කාබනික වගාවට යනවා කියපු රාජපක්ෂ ආණ්ඩුව මේකත් රිවර්ස් කරලා තියෙන්නෙ.

එක ප්‍රශ්නයක් තමයි මේ කෘමිනාශක වර්ග 35න් සීයට අනූවක්ම සමාගම් 29ක් තියෙනවා ඒ සමාගම් 29න් එක සමාගමක් තමා මේ රටට ගේන්නෙ.

ඒ වගේම මෙතන දිලීරනාශක සහ කෘමිනාශක ඇතුළත්, හැබැයි වල්නාශක ඇතුළත් වෙලා නෑ. වී වගාවට අත්‍යාවශ්‍ය දෙයක් තමයි වල්නාශක. මං දන්නෑ රජය මේකට මොකක්ද දරණ ස්ථාවරය කියන එක.

නැවත වතාවක් අර මහා සීනි ජාවාරම වගේ කෘමිනාශක ජාවාරමකට තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ"

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)