Tuesday, February 10, 2026
Follow Us
මම කියන්නෙ නෑ රාජ්‍ය සේවකයන්ට දෙන්න කියලා

විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන් මේ කොරෝනා වසංගත තත්වය එක්ක ඒ අයගේ පෞද්ගලික මත ප්‍රකාශ කරලා තියනවා. සමහර ඇමතිතුමාලා මන්ත්‍රීතුමන්ලා පරිත්‍යාග කරන බව කියලා තිබුණා.

දැන් මම ගත්තොත් මට නම් මගේ මුලු වැටුපම පරිත්‍යාග කරන්න බෑ. මොකද මට ඔච්චරයි තියෙන්නෙ මම දැන් උසාවි යන්නෙත් නෑ.. ඒක නිසා මම 50%ක් පරිත්‍යාග කරනවා.මුලු වැටුපම පරිත්‍යාග කලොත් එහෙම මට ජීවත් වෙන්න බෑ.

මගේ පියා ගිය අවුරුද්දේ මිය ගියා ඔහුගේ සම්පූර්ණ ඉතුරුම් දාලා තිබුණේ ෆිනෑන්ස් ආයතනයක ඒක බංකොලොත් උනා දැන් ඒකෙන් සත පහක් වත් ලැබෙන්නේ නෑ..

මට පුලුවන් විදියට මම දෙනවා. හැබැයි මම කියන්නෙ නෑ රාජ්‍ය සේවකයන්ට දෙන්න කියලා මොකද මට මෙහෙම අමාරු නම් මම දන්නවා එයාලට කොහොම අමාරුවක් ඇතිද කියලා මේ වෙලාවේ.

(Neth Gossip)