Tuesday, February 10, 2026
Follow Us
ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණ කතාවට පක්ෂ 10යේ කණ්ඩායමෙන් පිළිතුරක්

රට වසා දමන ලෙස සිය පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.

එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ඉල්ලීම ජනතාවත්, ආණ්ඩුවත් රැක ගැනීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බවයි.

ඇතැමුන් පවසන පරිදි එම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් නම් ජනාධිපතිවරයා රට වසා දැමීමට තීරණය නොකරනු ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)