Tuesday, February 10, 2026
Follow Us
ඉෂාලිනීගේ මරණයට අදාල නඩුවේ 05 වැනි සැකකරු ලෙස රිෂාඩ් නම් කරයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී දැරියක් මියයාම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය හමුවේ කැඳවා තිබිණි. මෙම නඩුවේ 05 වැනි සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නම්කර ඇති බව අද අධිකරණයේදී හෙලි විය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මීලඟ නඩු දිනයේදී 05 වන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෙම නඩුව ලබන 06 වැනිදා දක්වා කල් තබමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමට නියෝග කර තිබෙනවා.

(LNW)