Tuesday, February 10, 2026
Follow Us
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිය වැටුප කොවිඩ් පාලනයට යොදවයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද මීට පෙර සිය මන්ත්‍රී වැටුප කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවා.

(Neth)