Tuesday, February 10, 2026
Follow Us
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙටට පමණක් සීමා කරයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්විණි. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සදහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. සමගි ජන බලවේගයද කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණේ පාර්ලිමේන්තු රැස්වීම් කල්දැමීමට කටයුතු කරන ලෙසයි.

පවත්නා තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව හෙට දිනයට පමණක් පාර්ලිමේන්තු රැස්වීම් සීමා කර ඇති අතර ඒ අනුව හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

(LNW)