Tuesday, February 10, 2026
Follow Us
කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්වෙනවාද තීන්දුව හෙට

පවතින කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ හෙට (16) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අංශ කිහිපයකින් සේවකයින් පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයින් වශයෙන් වාර්තා වී තිබුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන ද නිරීක්ෂණය කර තිබිණි. කෙසේවෙතත් සේවාමුර ක්‍රමයට සේවකයින් කැඳවන නිසා පාර්ලිමේන්තුවේ ඉහළ කොවිඩ් අවදානම් තත්වයක් නොමැති බවයි වේත්‍රධාරීවරයා සඳහන් කරන්නේ.

හෙට පෙරවරු 11.00 කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති අතර පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු ඉදිරි කරුණු පිළිබඳව එහිදී තීන්දුවලට එළඹෙනු ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද පසුගිය දිනවල කොවිඩ් ආසාදනයට ලක්ව තිබුණු අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද කොවිඩ් ආසාදිතයකු වශයෙන් ඊයේ වාර්තා වී තිබිණි.

(LNW)