Tuesday, February 10, 2026
Follow Us
ඩෙල්ටාවලට වඩා මේ ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය,ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානකයි - නලින් බණ්ඩාර

ඩෙල්ටා ප්‍රභේදයට වඩා මේ ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය,ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව මේ වන විට 5000 ඉක්මවා වාර්තා වී තිබෙන සියලුම කොවිඩ් මරණ වෙත ආණ්ඩුව වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ලක්ෂ 30කට එන්නත් දුන් බව පැවසුවද එන්නත්කරණ ප්‍රමුඛතාව අනුව වැඩිහිටියන් ආවරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙන අතර ඒ නිසාම මරණවලින් වැඩි ප්‍රමාණයක් වැඩිහිටිනගෙන් වාර්තා වෙමින් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා පෙන්වාදෙන ලදී.

මෙලෙස මරණ සිදු වුණේ කොවිඩ් මර්දන බලකායේ අසාර්ථකභාවය හේතුවෙන් බවයි හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ.

(LNW)