Tuesday, February 10, 2026
Follow Us
ආණ්ඩුව කරනු ලබන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අත ළඟය!

බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්‍යායපත්‍රය පමණක් ක්‍රියාවට නංවමින් සිටින බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

(LNW)