Tuesday, February 10, 2026
Follow Us
වෛද්‍ය ජාසිංහ, ජයරුවන්, පබා, ලක්කුමාර් කොවිඩ් මර්දනයට කැඳවන්නැයි ඉල්ලා සජබ විරෝධතාවක

පළමු කොවිඩ් රැල්ල සාර්ථක ලෙස මර්දනය කිරීමට දායක වූ විශේෂඥ වෛද්‍යවරුන් වන අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර, පබා පළිහවඩන, පාලිත අබේකෝන්, ලක්කුමාර් ප්‍රනාන්දු වැනි වෛද්‍යවරුන්ට වහාම කොවිඩ් මර්දනයේ වගකීම් පවරන ලෙස බලකරමින් සමගි ජන බලවේගය ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ නිහඬ විරෝධතාවක නිරත විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් මීට එක්ව සිටියහ.

(LNW)