Tuesday, February 10, 2026
Follow Us
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම මත, සඳුදා(16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවයි.

එළඹෙන අඟහරුවාදා(17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණා.

(Neth)