Tuesday, February 10, 2026
Follow Us
ගෑස්මිල වැඩි කිරීම පිටුපස ඇති ලොකු කතන්දරයක් ගැන මරික්කාර්ගෙන් ඉඟියක්

ගෑස් මිල වැඩි කිරීම පිටුපස ඇතුළාන්ත කතාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ගෑස් මිලත් සමග කිරිපිටි මිල ද ඉදිරියේදී වැඩි කිරීමට ආණ්ඩුව අවස්ථාව ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පෙන්වා දුන්නේය.

ලෝක වෙළෙදපොළේ භාණ්ඩවල මිල වැඩිවීමත් සමග මෙරටේ භාණ්ඩ වල මිල වැඩි කිරීමට එරෙහිව පසුගිය කාලවකවානුවේදී වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් කළ ප්‍රකාශයන් වලට වර්ථමානයේදී පිළිතුරු නොදෙන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියි.

(Aruna)