Tuesday, February 10, 2026
Follow Us
කොවිඩ් මර්දනයට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රනිල් ඉල්ලයි

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය වහාම ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට තුළ යළි පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එන්නත්කරණ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු නොකර එය යුද හමුදාව යටතේ සිදු කිරීම පිලිගත නොහැකි බවද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාට කොරෝනා මර්දන එන්නත ලබා දිය යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)