Tuesday, February 10, 2026
Follow Us
මන්ත්‍රී රෝහණ දිසානායකට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

තමාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා සමඟ පසුගිය දිනවල ගැටුණු හෝ සමීපවුණු සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලට යොමු වන්නැයි රෝහණ දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.

(Aruna)