Tuesday, June 30, 2026
Follow Us
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නිවැරදි තීන්දු නිසි වේලාවට නොගත් බවට විපක්ෂයෙන් චෝදනා

මේවනවිට රට තුළ මතුව ඇති කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නිවැරදි තීන්දු නිසි වේලාවට නොගත් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් චෝදනා කරනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

විශේෂඥයින්ගේ උපදෙස් මත ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එවැනි වැඩපිළිවෙළකට සහය දීමට විපක්ෂය සූදානම් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)