Tuesday, February 10, 2026
Follow Us
දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා රනිල්ගෙන් රීට් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමට එරෙහිවයි.

අදාල කොමිසම විසින් සකස් කළ අවසන් වාර්තාවෙන් තමාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි වික්‍රමසිංහ මහතා සිය පෙත්සම හරහා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

(LNW)