Tuesday, February 10, 2026
Follow Us
අගමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (02) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය.

මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්කර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරුද්ධ මත ප්‍රකාශකර තිබෙන බැවින් එය සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවත් පැවසේ.

එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කරගැනීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

(Aruna)