Tuesday, February 10, 2026
Follow Us
ඇමති විමල් නිරෝධායනයට

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ දින 14ක නිරෝධායනයකට යොමුකර තිබෙනවා.

ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීමත් සමගයි.

මේ ඒ පිලිබඳ අමාත්‍යවරයා තැබූ ෆේස්බුක් පණිවුඩය.

මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.
කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

(Neth)