Tuesday, February 10, 2026
Follow Us
දැරියගේ මරණය පිළිබඳව රිෂාඩ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සීමෙන් බාලවයස්කාර දැරියක් මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අගෝස්තු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ අදාල නිවසේ හිමිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද සැකකරුවෙකු ලෙස නම් කරන බවයි. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නා බවද නීතිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

මේ වනවිටත් වෙනත් විමර්ශනයකට අදාලව රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන සිටී.

(LNW)