Tuesday, February 10, 2026
Follow Us
මියගිය ඉශාලිනිගේ සිරුර යලි ගොඩගන්න අධිකරණයෙන් නියෝගයක් : මන්ත්‍රී රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිසට රිමාන්ඩ්

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් කෙරුණා.

එමෙන්ම මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර අද පෙරවරුවේ ඉශාලිනිගේ මව මානව හිමිකම් කොමිසමට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ කියා සිටියේ සිය දියණියගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ද තමන්ට ගැටළුවක් ඇති බවයි.

(Neth)