Tuesday, February 10, 2026
Follow Us
අගමැති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් කෞෂී වෙඩික්කාර ආරච්චි මහත්මිය තනතුරෙන් ඉවත් කෙරේ!

මහත් ආන්දෝලනයට තුඩුදුන් දැනට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද වාර්තාවේ.

ඇයගේ පත්වීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බව සමාජ මාධ්‍යය ජාලා වාර්තා කර තිබූ අතර එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත ඇයව අදාල දූරයට පත් කර ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

(Lanka Leads)