Tuesday, February 10, 2026
Follow Us
රෝහලේ සිට රිෂාඩ් යළි CIDයට

රිෂාඩ්ගේ ඉල්ලීම CIDය ප්‍රතික්ෂේප කරලා


රෝහල්ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.

ඒ කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුවය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඒ මහතාව එලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.

(Aruna)