Tuesday, February 10, 2026
Follow Us
අධිකරණවල ක්‍රියාපටිපාටි නියාමනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

අධිකරණයට අපහාස කිරීමට අදාලව දඬුවම් කිරීමේදී ඇතැම් අධිකරණවල බලතල නිර්වචනය කිරීම හා ඒ සම්බන්ධයෙන් එම අධිකරණවල ක්‍රියාපටිපාටි නියාමනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකයි.

මේ අතර යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට බදු දීමේ සූදානමක් ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්නයක් යොමු කළා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

(Neth)