Wednesday, February 11, 2026
Follow Us
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට පක්ෂ 21කින් යෝජනා

මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21කින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා ලැබී තිබේ.

තවද මහජනතාව හා සිවිල් සංවිධාන විසින් ද අදහස් හා යෝජනා 155ක් එම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් පත්කළ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා හා අදහස් ඉදිරිපත් කිරිම පසුගිය 15වන දා තෙක් ලබා දී තිබිණ.

මේ අනුව විශේෂ කාරක සභාව ලබන 28 වනදා පැවැත්වීමට නියමිත අතර එහිදී ඉදිරිපත් වී ඇති යෝජනා විශේෂ කාරක සභා රැස්වීම්වලදී අවධානයට ලක් කිරීමට නියමිතය.

(Aruna)