Wednesday, February 11, 2026
Follow Us
සැප්තැම්බර් 01 වෙනකං හරීන් අත්අඩංගුවට ගන්නෙ නෑ - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, සැප්තැම්බර් පළමුවැනිදාට පෙර අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ටාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා අද මේ බව ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ සඳහන් කළේය.

පාස්කු විමර්ශන පදනම් කර ගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් ඊට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කර තිබෙන පෙත්සම අද යළි කැඳවා තිබිණි.

කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

(LNW)