Wednesday, February 11, 2026
Follow Us
ශ්‍රීලනිප අපි කිසිසේත්ම ආණ්ඩුවෙන් එළියට යන්නේ නෑ, ඒක ඉතාමත්ම පැහැදිලියි - මහින්ද අමරවීර

තමන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් විපක්ෂයට වාසියක් වෙන බැවින් එවැන්නක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"රෑට නාලිකාවෙ දාගන්න කතා කරන කට්ටිය ඉන්නවානෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ. අපි මේ කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න අපේ වුවමනාවක් නැහැ. විපක්ෂයට වාසිවෙන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)