Wednesday, February 11, 2026
Follow Us
ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණයට අවස්ථාව ලබාදෙනු - සජිත්

ඔක්තෝබර් 03 වනදාට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 04 වනදා සිට ආරම්භ කිරීමට නියමිත අ.පො.ස. උසස්පෙළ විභාගය කල්දමා අදාළ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසාදැමීම නිසා අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති තත්වයක් තුළ අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.

(LNW)