Wednesday, February 11, 2026
Follow Us
බැසිල් මේ රටේ සැබෑ විප්ලවයක් කළ නායකයෙක්. එතුමා අමාත්‍යවරයෙක් ලෙස පාර්ලිමේන්තු එනවා - රෝහිත

බැසිල් රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකාවෙහි සැබෑ විප්ලවයක් කළ දුරදක්නා නුවණක් ඇති නායකයෙකු බවත් ඒ මහතා අනිවාර්යයෙන්ම අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"ඔව්, පැහැදිලි ලෙසම බැසිල් රාජපක්ෂ මැතිතුමා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට පැමිණෙනවා. එතුමා මේ රටේ සැබෑ විප්ලවයක් කරපු ඒවගේම මනා බුද්ධියකින් වැඩකරන නායකයෙක්. දුරදක්නා නුවණක් තියෙන නායකයෙක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)