Wednesday, February 11, 2026
Follow Us
මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට තීරණය කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි නාමයෝජනා කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම පක්ෂයෙහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව සඳහන්.

එසේම සජබට සහාය ලබාදීම පිළිබඳ චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ධුරවලින් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනාට මෙම නාමයෝජනා වලදී ප්‍රමුඛත්වය ලබාදීමට ද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

(LNW)