Wednesday, February 11, 2026
Follow Us
මේ සතියේ පාර්ලිමේන්තුව දින 04ක් රැස් වෙයි

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට තීරණය වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනආ විශ්වාසභංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කර ඇත.

(Aruna)