Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලගේ විශ්වාසභංගයේ විවාදය ගැන තීරණය අද

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කරුණු පිළිබඳවද අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරෙණු ඇති.

(Neth)