Wednesday, February 11, 2026
Follow Us
පාර්ලිමේන්තු නියෝජනය ගැන බැසිල් රාජපක්ෂ මෙතෙක් සාකච්ජා කර නැහැ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද ඔහු මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද එය මහත් ශක්තියක් වන බවයි.

බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ඉකුත් දිනවල ප්‍රකාශ කළා. ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කිරීමටද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණා.

(Neth)