Wednesday, February 11, 2026
Follow Us
රනිල් වෙනස් නොකරන ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලයි

කිසිදු දේශපාලන පක්‍ෂයකට වෙනස්කළ නොහැකි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් නීතිය හරහා සැකසිය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. සමගි ජනබලවේගයට සහාය දැක්වීම හේතුවෙන් පක්‍ෂයෙන් ඉවත් කෙරුණු මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරුන් 72 දෙනෙකු සිය ධුරවල දිවුරුම්දීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

(Neth)