Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය කතානායකවරයාට ලබා දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

ලබන මස 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳ දිනය තීරණය කිරීමට නියමිතය.

ඒ අනුව විවාදයට ගන්නා දිනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත .

න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු දින සිට දින පහක් ගත වූ පසු ඕනෑම දිනක එම යෝජනාව විවාදයට ගැනීමට ස්ථාවර නියෝගවලට අනුව හැකියාව තිබේ.

(Aruna)