Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ලබන 06වනදා තීරණය කෙරේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රැස්වීම ලබන මස 06වනදා පැවැත්වෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසුමකදී පැවසුවේ.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉකුත්දා භාර දෙනු ලැබුවා. ඊට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් කර තිබුණා.

(Neth)