Wednesday, February 11, 2026
Follow Us
බැසිල් රාජපක්ෂ ආපසු දිවයිනට!

ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 554 ගුවන් යානයෙන් පෙරවරු 11.00ට ගොඩ බැසීමට නියමිත බවයි. මීට පෙර පසුගිය මැයි මාසයේ දිනයක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට කටයුතු සම්පාදනය කර තිබුණද එතුමා ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටවූ පසු , දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස විදේශගතවූ බව චමල් රාජපක්ෂ මහතා විසින් මාධ්‍යය වෙත අනාවරණය කර සිටියේය. නමුත් නාමල් රාජපක්ෂ මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි.

(Lanka Leads)