Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකවරයා වෙත

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි.

මේ බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව එම මන්ත්‍රීවරුන් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබුණි.

(Aruna)