Wednesday, February 11, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබද සැලසුම් කිරීම සදහා පක්ෂ නායකයින්ගේ එකගතාව ලබා ගැනීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා.

ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකගතාව ලබාගත යුතු වනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කෙරුනු එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමද මෙම සතියේදී සිදුවන බවයි වාර්තා වන්නේ.

(Neth)