Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයට සජබ මන්ත්‍රීවරු අත්සන් තබයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.


අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ඇරඹිණි.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.

ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15) තීරණය කළේය.

(Aruna)