Wednesday, February 11, 2026
Follow Us
මේ ආණ්ඩුව 2020 ජුනි මාසේ රු. 25ට පෙට්‍රල් ගෙනල්ලා ඊට රු. 106ක බද්දක් ජනතාවගෙන් අය කළා - හර්ෂ

පසුගිය වසරේ ජුනි මාසයේදී වත්මන් ආණ්ඩුව රුපියල් 25.03කට මෙරටට පෙට්‍රල් ගෙන්වා ඊට රුපියල් 106.80ක බද්දක් ජනතාවගෙන් අය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"2020 ජුනි මාසෙ රුපියල් 25.03ට පෙට්‍රල් ගෙනල්ලා රුපියල් 106.80ක බද්දක් ගැහුවා. මිල සූත්‍රය තිබ්බා නම් රුපියල් 25ට පෙට්‍රල් ගෙනල්ලා කවදාවත් රුපියල් 107ක බදු ගැහෙන්නෙ නෑ. දියුණු වෙන්න බලාපොරොත්තු වෙන රටවල්වල මෙහෙම දේශපාලනඥයින් මැදිහත් වෙන්නෙ නෑ මේවාට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)