Thursday, February 12, 2026
Follow Us
ළගම ඇති වෙළදසැලට පා ගමනින් යන හේතුව අමාත්‍ය රමේෂ් පතිරණ කියයි

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ළගම ඇති වෙළදසැලට පා ගමනින් යන ලෙස නියම කළේ අනවශ්‍ය සංචරණයන් වැළැක්වීම සදහා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනු්ම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සම කැබිනට් ප්‍රකාශක උයද ගම්මන්පිල එහිදී කියා සිටියේ කොරෝනා අභියෝගය ජය ගැනීමට නම් සියලු දෙනා දුෂ්කරතාවයන්ට මුහුණ දී යම් කැපකිරීමක් සිදු කළ යුතු බවයි.

(Neth)