Thursday, February 12, 2026
Follow Us
වරාය නගර කෙටුම්පත ඡන්ද ගණනය ගැන සොයා බැලේ

ඡන්ද විමසීමේදී’ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යම් අඩුපාඩුවක් සිදුවී තිබේ දැයි සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වීම නිසා තමා මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ම සඳහන් කර තිබෙන්නේ එය නිවැරදිව ගණනය වූයේ නම් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන බවය.

කෙසේ වෙතත් ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොමැති බවක් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

(Aruna)